අක්කා,කලු අම්මා අපට අවශ්‍ය සෑම දෙයක්ම අඩුවක් නොකර පියෙකුගේ වගකීම් ඉටු කලත් අපිට එය දෑනෙන්නට වූයේ අපෙන් ඔවුන්ට වන කරදරයක් ලෙසිනි.....අම්මත් මමත් සෑම මොහොතකම කතා වූයේ කුමක් කරමුද යන්නයි.
එකම විසදුම වූයේ මාගේ අද්යාපන කටයුතු අම්මාත් නන්ගීත් වෙනුවෙන් කෑප කොට රෑකියාවක් සොයා ගෑනීමයි...නමුත් අම්මා එයට කොහොමත් කෑමති නෑත. මේ වනවිට නන්ගී ගේ අමතර පන්ති ගාස්තු ලබාදියයුතු දිනය ලන් විය.මා ලගත් අතේ රුපියලක්ව්ත් නෑත..වෙනදා දිනකට රුපියල් 500 කටත් වඩා වියදම් කරන නමුත්,අද කෙබදු දෙයි සිතමින් මම පාර දෙස බලමින්..මගේම ලෝකයක තනිවෙමින් සිටියේය.."අම්මේ කීර්ති සර් ගේ English medium class 1 ෆීස් 1යි,සින්හල මීඩියම් 1 යි.රනතුන්ග සර් ගේ ක්ලාස් ෆීස් එකයි මේ සතියේ ඕන අක්කාට කෝල් එකක් දීලා කියන්න ඕනේ"නන්ගී ගේ කටහඩ ගෙතුලින් ඈසෙන්නට විය. මට එවර කීර්ති සර් ගෑනත් අපේ රනතුන්ග සර් ගෑනත් ද්වේශ සහගත සිතුවිල්ලක් ඈතිවිය...(මුන්ව යකෝ කාලත් මදිනේ).නමුත් නෑවතත් මට සිහිවූයේ එවෑනි මෝඩ සිතුවිල්ලි ඈති කරගෑනීමට වඩා මෙම වලින් ගොඩ ඒමටමගකි. එකවරම මට සිහිවූයේ කෑම කඩයක් ආරම්භ කලොත් ආදයම් මාරගයක් සොයා ගත හෑකි බවයි නමුත් එකවරම මගේ සිත පවසන්නට වූයේ " යකෝ ගමෙන්ම මලියදේවට ගියේ උබ විතරයි.උඹ බත් කඩයක් දාලා ඒකේ ඉන්නකොට උබට විලි ලෑජ්ජා නෑද්ද?" යනුවෙනි..
දිගින් දිගටම සිත සමග තර්ක කල මට සිහිවූයේ නවලෝක මුදලාලි,සිද්දාලේප මුදලාලි වෑනි කුඩා වෙලදාමෙන් පටන් ගෙන රට හෙල්ලූ දිරිය මිනිසුන්ගේ චරිත කතාය...ඔව් මමත් පටන් ගන්නවා...මම දෑඩි අදිටනින් ඉටා ගත්තේය. මෙයට තවත් උත්තේජනයක් වූයේ,මාගේ කේන්දරය පරීක්ශා කල අපේ ඩින්ගිරි බන්ඩා වෙද මහත්ත්යා එක් කලක කල ප්‍රකාශයකි."මේ ලමයා ගේ කේන්දරේ හෑටියට අවුරුදු 30 වෙද්දී ලොකූ වියාපාරිකයෙක් වෙනවා"ඉපදිලා තියෙන්නේ මාලිකා යෝගයෙන් අනිවාර්යෙන් ඒක වෙනවාමයි" එකල මෙයට මා සිනහා වූයේ මාගේ තුන් හිතකවත් එවෑනි බලාපොරොත්තුවක් නොවූ බෑවිනි.
කොයි දේටත් පිහිට වන අක්කගෙනුත් කලු අම්මාගෙනුත් මුදල් ආදාර ලෑබුනි.මාගේ කලන මිතුරු නුවන් තම ශ්‍රමය නොමසුරු ලෙස පරිත්‍යාග කරමින් කඩයේ වෑඩ ආරමභ කිරීමට මට උදව් විනි.ජයලත් මාමා නොමිලයේම කඩයේ ඉදි කිරීම් වෑඩ සිදු කර දුන්නේ මනුස්සකම පිලිබදව උදාහරනයක් සපයමීනි...
![]() |
buffet |

ව්‍යාපාරය ආරම්භ විය.මුල්ම දවසේ කෑම අලවි වූයේ 3 ක් පමනි.නමුත් ක්‍රමයෙන් අලවිය වෑඩිවන්නට විය.


සාර්ථක දිගු ගමනකට ආසිරි ඔන්න මගෙනුත්.ජයවේවා..........
ReplyDeleteකුලියාපිටියෙ නේද?අපිත් ඔය හම්මලව පැත්තට වෙන්න පොඩි,පොඩි සම්බන්දකම් තියනවා......
බොහෝම ස්තූතියි.......ඔව් කුලියාපිටියේ තමා...කුරුනෑගල පාරේ මේ පෑත්තේ එන වෙලාවක අපේ කඩේටත් ගොඩවෙලා යන්න එන්න
ReplyDeleteඅනිවා එනව මචෝ.....නෑවිත් කොහොමද? අහල,පහල අය වෙච්චි.
ReplyDeleteNiyamai saho..
ReplyDelete