My Blog List

හරි පුදුම ලන්කාව

 තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබේ සෙවන පමනි මිහිපිට ඈති
එකම සම්පත"
...................
අනේ රත්තරන් මම කොහොම ලියන්නද
ලිව්වත් කොහොම එවන්නද?...............
මුද්ද්දරයටත් බදු........

අහස උසට නෑග ගියාට
නෑ එක තෑන රෑදෙන්නේ
තව තව ඉහලට යන්නයි
බඩු මිල වෙර දරන්නේ....................
..............
අඩුම තරමේ
SMS එකක්වත්.......
ඒකටත් බදු.......
අනේ රුපියල උඹනම්..............................



අද මගේ යාලුවෙක් එක්ක මම ගියා එම්බසි...එන්ගලන්තේ එම්බසියට මගේ හොදම යාලුවා වන්නි යූ කේ යනවා...ඒ විතරක් නෙමේ මගේ අනිත් හොදම යාලුවා නුවනා වූත් මේ ජනවාරි යූ කේ යනවා.....දෙන්නම කියන්නේ මටත් යමු කියලා එහේ මේ වගේ නෙමෙලු පට්ට ලු......ඒත් මම්නම් සන්චාරයකට හෑර මේ මගේ රට දාල නම් කොහේවත් යන්නේ නේ..මීට කලිනුත් මගේ මස්සිනා මට ඉතාලි යන්න කීයලා ටිකට් 1ක් පවා හදලා දුන්නා ඒත් මම නම් යන්නේ නේ,......................එහෙම ගියොත් මේ වගේ කට්ට කාලා ඉගෙන ගන්න ඕනෙ නෑති බව ඈත්ත.............හොදට සල්ලි හොයන්න පුලුවන් බවත් ඈත්ත....ඒත් මම්නම් යන්නේ නෑ...මේ රට අතහෑරලා
ඊයේ රෑ ජිනේශා ට SMS එකක්වත් ගහන්න රුපියලක්වත් තිබ්බේ නෑති වෙලාවේ නම් ඉන්ග්ලන්ඩ් යන්න මටත් හිතුනා තමා...ඒත් ගොඩාක් දුරට හිතලා බලද්දී මේ රටේ වරද මොකක්ද කියලා මගේ අයාලේ ගිය හිතට තේරුනා................................................



ලන්කාව පුදුම රටක්..ලන්කාව පුදුම වාසනාවන්ත රටක්.මෙහෙම කියනකොට ලෝකෙන් උතුම් රට ලන්කාවයි....වගේ අරුත් සුන් වර්නනා කරනවා නෙමෙයි.
මේ පුන්චි රටේ හිම මිදෙන එක හෑර ලෝකේ වෙන ඕනේම රටක තියෙන දේශගුනයක් ලන්කාවේ තියෙනවා....තව කොයි තරම් දේවල් තියෙනවද?
අපට මේවා විශේශ දේවල් ලෙස නොපෙනෙන්නේ අපි ඒ අතරේම ඉපදී හෑදුනු වෑඩුනු නිසයි.හරියට නිතර දකින කුකුලාගේ කරමල සුදූ වගේ තමා


නිතර දෙවේලේ දකින කිසිම දේක අපිට අගයක් නෑ.ඒත් අපි අනෙක් රටවල් එක්ක සසදලා බලද්දී තමා අපිට තේරෙන්නේ අපි කොච්චර වාසනාවන්තද කියලා?
ලස්සන උදාහරනයක් දෙන්නම්...ලන්කාවේ ටියුරින් පෙරේරා කියලා කෙනෙක් මෑදපෙරදිග ඩෝහා වල රාමඩා හෝටලයේ ප්‍රධාන ඉන්ජිනේරුවා විදියට වෑඩ කලා.....ඔහු ලග තිබුනා ලන්කාවේ ලස්සන ස්තාන වල පොටෝ.ඒවා ඔහු ඒ රටේ ඉන්ජිනේරුවෙකුට පෙන්වමින් සිටියා....දිය ඈල්ලක පොටෝ එකක් පෙන්නුවාම ඒ මොකක්ද කියලා අර අරාබි ජාතික ඉන්ජිනේරුවා ඈහුවා...ටියුරින් මහත්තයා කිව්වා ඒ දිය ඈල්ලක් කියලා
ඒක කන්දකින් පහලට වෑක්කෙරෙන්න හදපු එකක් නේද කියලා අනිකා ඈහුවා.
'නෑ නෑ ඒක ස්වභායේනම පිහිටලා තියේන එකක්.කදු ප්රදෙශයක එකතු වෙන වෙහි වතුර මේ විදියට අවුරුද්දේ හෙමදාම මේ දිය ඈල්ල වෙලා ගලා බහිනවා"
මොන බොරුද? කන්ද උඩට වතුර පයිප්ප හයි කරලා ඒවායින් වතුර පහලට ගලන්ඩ හදලා ඈති" යි කියූ අරාබි ජාතිකයා ලන්කාවේ ස්භාවික දිය ඈලි කියලා ජාතියක් තියෙනවා කියලා විශ්වාස කලේම නෑ.ඔහු දිය ඈල්ලක් දෑකලාම නෑ.දිය ඈලි හෑදෙන්න පුලුවන් කදු පිහිටීමක්,ඒ කදු වල හෑමදාම වතුර එකතු වෙන හෑටි  ඔහුට හිතාගන්නවත් බෑ.....තව කොහෙද ඒ මනුස්සයට කියන්න ගියානම් "   ලන්කාවේ වෑඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ජල විදුලිය  කියලා......


ලකී වික්‍රමනායක කියලා අපේ රටේ ප්‍රසිද්ධ නීතී වේදියෙක් ඉන්නවා..එතුමා ලන්කාවේ ප්‍රබලම පවුලක උපන්නෙක්.ඉන්ග්‍රීසි ගෙදරත් කතා කරන,ධනවත්,බලවත් පවුලක සාමාජිකයෙක්,ඔහු රන්බන්ඩා සෙනවිරත්න කියන අපේ මානව හිතවාදී නීතිවේදියාට දවසක් මෙහෙම කීවාලු..."බන්ඩා! අපේ කාලකන්නි එන්ගලන්තේ යන්නේ දිව්ය ලෝකේ කියලා හිතාගෙන.ගිහින් අපාදුක් විදිනවා.සීතේ ගෑහි ගෑහි රෑට නිදාගන්න යනකොට අගල් 7ක් 8ක් ඝනකම බ්ලෑන්කෙට්ටු පොරවගෙන නිදාගන්න ඕනේ,ඒත් උදේ නෑගිටලා පෑය භාගයක් විතර කකුල් දෙක පොලොවේ ගහ ගහ ඉන්න ඕනේ
හිරි ඈරිලා කකුල් වලට ලේ උනන්න.


එතකොට හිතාගන්න පුලුවන් නේද එලියේ සීතල කොහොමද කියලා?
සමහරු සීතලට දවස තිස්සේ බොනවා.මෙහේ අපි බොන්නේ විනෝදෙට .එහේ බොන්නේ නොබී බෑරි නිසා.මෙහේ අපි වියදම් කරන්නේ කන්ඩ බොන්ඩ අදින්ඩ,ඒවායින් සන්තෝශයක් ලබන්න.එහේ අපි වියදම් කරන්නේ විනෝදයක් සතුටක් ලබන්න නෙමෙයි.සීතලට ඔරොත්තු දීලා අපා දුකෙන් මිදෙන්න,එක දෙයක්  තියෙනවා එහෙදී ඕනෑම රස්සවක් කරලා සල්ලි ටිකක් වෑඩිපුර හම්බ කරන්න පුලුවන්..එච්චරයි.....මම සපත්තු කඩේක වෑඩ කරලා,පෙට්‍රල් ශෙඩ් එකක වෑඩ කරලාසල්ලි ටිකක් හොයාගෙන කාර් එකක් එහෙමත් ගත්තා
ලන්කාවෙදී රස්සාවක් කරලා කාර් එකක් ගන්න අමාරුයි.ඔන්න ඔය වෙනස විතරයි.ඒත් ඉතින් ලන්කාවේ අපිට විවේක වෙලාවක සරමක් විතරක් ඈදගෙන ඒකත් දෙකට නමාගෙන හාන්සි පුටුවකට වෙලා කකුල් දෙක උඩට දාගෙන පත්තරේ කියවන්න පුලුවන්.එන්ගලන්තේදී ඒ වගේ සෑප පහසුවක් හීනෙන්වත් හිතන්න බෑ,   අපේ වුන් ලන්කාවට ඈවිත් එන්ගලන්තේ ගෙන කියන්නේ අමූලික බොරු.ලන්කාවේ දිව්යලෝකයක් බව තේරෙන්න එන්ගලන්තේ එක අවුරුද්දක් හිටියාම ඈති,අපට ඉස්සරලාම ලන්කාවේ අගේ තේරෙන් නෑති එක අපේ අවාසනාව"



අපේ රටේ කොස් දෙල් වගේ දේවල් තාමත් කෑලේට වෑවෙනවා.කෑලෙන් කටුවල අලයක්,ගඩා ගෙඩියක් ලබාගෙන වේල පිරිමහගන්න තාමත් පුලුවන්.බඩගින්නේ මෑරෙන කෙනෙක් ගෙන අහලවත් නෑ..
අපේ රටේ පිරිසක් ඉන්දියාවේ ඈවිදින්න ගිහින් එක දුම් රිය පොලකදී තමන් ගෙනා කෑම කාලා ඉතිරුවුන හරිය විසිකර දමන්න නොසිතා කාට හරි අසරන මිනිහෙකුට දෙන්න හිතාගෙන දුම් රිය ස්තානාධිපතිගෙන් අහලා තියෙනවා ඒ වගේ අසරන දුගී දුප්පත්  මනුස්සයෝ කොතනද ඉන්නේ මේ ඉතුරු කෑම ටික දෙන්න කියලා..එතකොට දුම් රිය ස්ථානාධිපතිතුමාම පෑනලා ඒ ඉතිරි කෑම ටික ගත්තලු,හිතා ගන්න පුලුවන් නේද වෙනස? 
ලන්කාවේ පොලව ගන්න,ඒකේ සෑම අගලකින්ම මොනවාහරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.තේ පොල් රබර් ,කොකෝවා,ගම්බිරිස්,කුරුදු,එනසාල්,බුලත්,එලවලු,පලතුරු.....ඉවරයක් නෑති වර්ග වෑවෙනවා...කෑලෑ වල වටිනා ඩෑව වර්ග වෑවෙනවාබෙහෙත් වර්ග වෑවෙනවා,වෑලි පොලොවේ තල් වෑවෙනවා,ඒ අතරේ පොලොවේ ඉල්මනයිට් වගේ වටිනා ඛනිජ වර්ග තියෙනවා,පොලොව යට මෑනික්,මිනිරන් තියෙනවාඅපි දෑන් ප්‍රයෝජනයට ගත්තේ නෑතුවට ලන්කාවේ යකඩ ඉල්ලම් තියෙනවා අපට නෑත්තේ රත්තරන්,රිදී හා තෙල් විතරයි,දෙන් තෙල් ඉල්ලමකුත් හොයාගෙන තියෙනවා....ඒ නෑතත් අපට ලෝකේ වටිනාම මෑනික් ලෑබෙනවා
අපේ රටේ මෑනික්
 මේ මොකවත් නෑති රටවල් ලෝකයේ අනන්තවත් තියෙනවා.ඊශ්‍රායෙලය රටේ භාගයක් කාන්තාරය.අනිත් භාගෙත් භගෙට කාන්තාරේ.ඒත් ඉතින් ඒ මිනිස්සු එලවලු පලතුරු පිටරටත් පටවනවා..හෑමදාම අරාබි ජාතිකයන් එක්කම යුද්ද කරන ගමන්ම

ඈමරිකාවේ සමහර ප්‍රදේශ තියෙනවා කොච්චර ගෑඹුරට හෑරුවත් වතුර ගන්න බෑ,අපේ රටේ ඕන තෑනක ලිදක් කපලා වතුර ගන්න පුලුවන්
අපේ රටේ වටේටම මහ මුහුද ඉතින් හෑමදාම මුහුදු මාලුන්ගෙන් අඩුවක් නෑඑ...අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වී වවන්න පුලුවන්.ඕනේ වතුර විතරයි.වතුර ලෑබෙන ඕනෑම තෑනක  කුඹුරක් හදාගන්න පුලුවන්.චීනයේ අලුතින් කුඹුරක් අදින්න ඕනෙනම් මඩ ඈත විල් වලින් කූඩා වලින් අදින්න ඕනෑ...ජපානයේ කුඹුරු වල වී කරල් හෑදෙන කාලයට සත්තුගෙන් බේරාගන්න මදුරු දෙල් වලින් වහන්න ඕනේ.ඉස්සර බටහිර රටවල වෑවුනු මිදි ,ස්ටෝබෙරි වාගේ දේවල් ලන්කාවේ සරුවට වෑවෙනවා.අපිට අවශ්ය ඕනේම දෙයක් මේ ලන්කාවේ වෑවෙනවා..
ඉතින් මෙච්චර සරුසාර රට දුප්පත් ඈයි?.
අපි දුප්පත් නෑ.අපේ රටේ නායකයෝ පොහොසත්.එක්තරා පිරිසක් විතරක් පොහොසත්
ඒ අපේ නායකත්වයේ වරද මිස රටේ වරද නෙමේ..
නායකත්වය නිවෑරෑදි මගකට එනකන් අපි බලාගෙන ඉන්නවා..........

3 comments:

  1. කවදා වෙනකන්ද ?

    ReplyDelete
  2. හපෝ මේ word verification හුනියම අයින් කරන්න.

    ReplyDelete