My Blog List

ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය සහ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය

විවෘත විශ්ව විද්යාලයේ  ඉංජිනේරු තාක්ෂණ  පීඨයේ ඉතිහාසය
ආචාර්ය නිස්ශංක විජේරත්න මහතා උසස් අධ්‍යාපන ඇමති වශයෙන් සිටි කාලයේදී 1978 අංක 16 දරන පනත යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්යාලය පිහිටුවන ලදී.මෙය පිහිටුවීමේ මූලික අරමුන වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේ වයස රැකියාව ,ස්ත්‍රී පුරුෂ බව,ජාති කුල මල භේදයකින් තොරව සියලු දෙනාට උසස් අධ්‍යාපනලැබීමේ අවස්ථාව සමසේ හිමිවිය යුතු බවයි.ඒ අනුව දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ පලමු මට්ටමේ සිට පශ්චාත් උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්තාව ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්තාව උදාවිය. ආරම්භයේ පැවති කලමනාකරන විද්යා හා තාක්ෂණ අංශය 1988 දී ඉංජිනේරු තාක්ශණ පීඨය වශයෙන් වෙනස් කරන ලදී.මුලින්ම ආරම්භ වූයේ තාක්ෂණවේදී ඉංජිනේරු ඩිප්ලෝමාව ය.ඉන් වසර කීපයකට පසු තාක්ෂනවේදී ඉංජිනේරු උපාධිය හදුන්වාදෙන ලදී.2003 දී පීඨය මගින් සියලු පාඨමාලා සදහා නව විෂය නිර්දේෂයක් හදුන්වා දෙන ලදී.ඒ යටතේ ප්‍රධාන වශයෙන් අධ්‍යයන වැඩසටහන් දෙකක් යටතේ උපාධිය පිරිනමන ලදී.

1.     තාක්ශණවේදී ඉංජිනේරු උපාධිය

2.     කර්මාන්ත අධ්‍යයන උපාධිය  
   
    උපාධියේ නම වෙනස් කිරීමට හේතු වශයෙන් පරිපාලනය ගෙන හැර දක්වන කරුනු
 
විවෘතයෙ ආදි ශිශ්‍යයන්, ආචාර්ය මන්ඩලය,විශ්ව විද්‍යාල කවුන්සිලය නියෝජනය කරන IESL නියෝජිතයන් ආදීන්  තාක්ෂණවේදී ඉංජිනේරු උපාධියේ නම වෙනස් කල යුතු බවට යෝජනාවක් කරන ලදී,ඒ සදහා පහත කරුනු හේතු වූ බව පෙන්වා දෙන්වා ලදී.

 1.) ශ්‍රී ලංකාවේ ඉංජිනේරු උපාධි පිරිනමන මොරටුව පේරාදෙනිය රුහුන යන විශ්ව විද්‍යාල මගින් පිරිනමන්නේ BACHELOR OF SCIENCE OF ENGINEERING උපාධිය නිසා අපගේ BACHELOR OF TECHNOLOGY(ENGINEERING) උපාධියට නමේ වෙනස හේතුකොටගෙන බොහොවිට කුඩම්මාගේ සැලකිලි ලැබීම.

2.)අන්තර්ජාතික වශයෙන් තාක්ෂණවේදී ඉංජිනේරු උපාධි බොහොමයක් අවුරුදු 3 කට සීමාවන අතර වෘතීමය ඉංජිනේරු සුදුසු කමක් ලෙසටද පිලි නොගන්නා බවයි.එම නිසා වොශින්ටන් සම්මුතිය
(WASHINGTON ACCORD) අනුව අන්තර්ජාතික පිලිගැනීමක් අපට නොලැබීම.

3.)අලුතින් පිහිටුවන ලද UNIVOTEC ආයතනයද අවුරුදු 3 තාක්ශනවේදී උපාධියක් පිරි නමන අතර ඒ උපාධිය හා අප උපාධිය අතර පැහැදිලි වෙනසක් අවශ්‍යය වීම.

4.)ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුව අනුව තාක්ෂණවේදී  උපාධිය අයත් වන්නේ 5 වන මට්ටමේ  සාමාන්‍යය උපාධියක් වශයෙනි


5.)2011 ජූනි  ප්‍රකාශනයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුවට අනුව තාක්ෂණවේදී ඉංජිනේරු උපාධිය සදහා විධිමත් අර්ථ නිරූපනයක් ඉදිරිපත් කර නොමැත.

 ඒ සියල්ලටම පිලියමක් වශයෙන් පහත විසදුමට එළැබීමට ජේෂ්ඨ උපදේශක කමිටුව තීරනය කෙරුනි.