My Blog List

ජාතිකත්වය හා අවජාතකයෝ...

අප දෛනිකව ප්‍රාඥයින් ලබන  ජාතියක් බවට පත්ව ඇත.  ආසනික් අර්බූදයත් සමගම නවතම ආකාරයක ප්‍රාඥයින් සමාජ දේහයට එක්වෙන මේ යුගයේ, ඔවුන් සම්බන්ධව අපගේ අවධානය යොමුකල යුතුම වකවානුවක අපි ජීවත් වෙමු.  මෙම  ප්‍රඥයන්ගේ ඉස්මතුවීම කියා පාන්නේ මෙරට ජන සමාජයට ආසනික් විසින් ඉතා ඉහල මෙහෙවරක් කර ඇති බවයි.
විශේෂයෙන් ඉතා ඉහළ ස්ථරයක වැජඹෙන ප්‍රාඥයින් වදාරණ දෑ අවබෝධ කරගැනීම සදහා අපට වරක් දෙවරක් නොව, තෙවරක් ඉක්මවා ගිය වාර ගනනක් ඔවුන් පවසන දෑ, නැවත නැවත පුනරාවර්තනය කිරීමට සිදුවෙන අතර සමහරවිට ඊට එහා ගලායන වාර සංඛ්‍යාවක්ද, එසේත් අවබෝධ නොවන්නේ නම්, සෘජුවම එම ප්‍රාඥයාගෙන්ද විමසා අවබෝධ කරගන්නට සිදුවේ.
මෑතකදී ඉස්මතුවූ එක් ප්‍රාඥයකුට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාව මෙසේ හැදින්වේ.

 In the past with is action Nalin has proved that he is an Extremist. His major concept (always) is US vs THEM thinking pattern (Eg- Sinhala / Tamil , Sri Lanka / West , Buddhist/ Non Buddhist), even Prhabahakara had the same concept with extreme prejudice. I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. I am waiting till that day

මහාචාර්ය නලින් ද සිල්වා මහතා අන්තවාදියෙකි. ඇත්ත වශයෙන්ම මේ මහතා ප්‍රකාශ කරන  කථාව අපද අනුමත කරන අතර, මේ රටේ සිටි හා සිටින අන්තවාදීන් අතරින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රබලම අන්තවාදියෙකි. මොහුගේ අන්තය තුල සිංහලකම හා බෞද්ධකම අප දුටු මූලිකම ලක්ෂණ වේ. සිංහලකම තර්ජනයකට ලක්වෙන විට සිංහල අන්තවාදියකු වූ නලින් ද සිල්වා මහතා බෞද්ධකමට තර්ජනය වනවිට සැබෑ බෞද්ධයකු වශයෙන් මතු වේ. මේ රටේ සිටි අපකීර්තිමත්ම  ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී, එම ජනාධිපතිවරයාගේ හා එම රජයේ ඉමහත් ගැරහුමට පත්වූ පුද්ගලයින් අතර, ඉහලම තලයක මාහාචාර්ය නලින්ද සිල්වා මහතා ශ්‍රේණි ගතව සිටි අයෙක් බැවින්, අප හද තුල මහාචාර්ය නලින් ද සිල්වා මහතා සම්බන්ධව ගොඩනැංවී පැවතියේ ගෞරව සම්පන්න පුද්ගලයකුට උරුමවූ ස්ථානයකි.
1983දී ජේ ආර්. ජයවර්ධන රජය ප්‍රමුඛ රජය මෙරට ද්‍රවිඩ ජනතාව මරා දමමින් ඔවුන් සතු දේපල මංකොල්ල කමින්, ගිනි තබමින්, ප්‍රභාකරන්ගේ සන්නද්ධ අංශයට අවශ්‍ය සම්පත් බටහිර රාජ්‍යයන් හා සමග එකතුව අනියමින් සපයන වකවානුවේදී: සිංහල අන්තවාදියකු බවට පත්ව ද්‍රවිඩ ජනතාවට එරෙහිව කටයුතු නොකලේ, සිංහල අන්තවාදය ගැටෙන්නේ, තවත් ජාතියක  අන්තවාදය සමග මිස එම  ජනතාවන් සමග නොවන බව ඒ මහතා මනාව සපත කර ගෙන සිටි බැවිණි. තවද   තමන්ගේ සැබෑ සතුරා හැම විටම ඉටු කරන්නේ සතුරු කාර්යයක් මිස සෙතක් නොවන බව ඒ මහතා මනාව වටහා ගෙන සිටි වියතෙකි.
බටහිර රාජ්‍යයන් ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදී සන්නද්ධ අංශය ගොඩනංවන බව එදා දුටු මිනිසුන් අතරින් නලින් ද සිල්වා මහතාද එක් අයෙකි.  ඒ හේතුවෙන් නලින් ද සිල්වා මහතාට බටහිර රාජ්‍යයන්ට එරෙහි වීමට හා ඔවුනගේ ද්‍රවිඩ අන්තවාදයට එරෙහිව, සිංහල අන්තවාදය පණ පොවන්නට සිදුවිය. සිංහල අන්තවාදයට පණ පොවන්නේ සිංහල කම ආරක්ෂා කිරීමට වන අතර, අතීතයේදී  එය රට, ජාතිය, හා ආගම ආරක්ෂා කර ගැනීම සදහා කරන්නාවූ අරගලයක් විය. නලින් ද සිල්වා මහතා කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටන මනුස්සයකු වන්නා සේම, සංග්‍රාමයට නවගුණ වැල රැගෙන යන පුද්ගලයකු නොවීම, නව ප්‍රාඥයාගේ මනස  I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. යන්න ලිවීමට හේතුවුවා යයි යන්න අපට සිතේ. ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදීන්ට  Metthha නොකිරීම ප්‍රභාකරන්ගේ හා බටහිර ප්‍රජාවගේ හා ඒ සෙවන ආශිර්වාදයක් කොටගෙන පවතින ප්‍රජාවගේ දෘෂ්ඨියෙන් විශාල වරදක් බවද අපද දන්නෙමු. ඒ වරද මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිදුකර ඇත. ඒ ඔහු සතු යුගයේ කාර්යභාරයයි.
අපට මුණ ගැසෙන නූතන ප්‍රාඥයා, එකවරම මෙසේ පවසයි.

Nalin criticizes the West and the Western education but he has sent his children to the West to obtain hither education , Obviously it is a double standard and it is depriving ordinary Appuhami’s son to obtain western based education. Is that he wants to send Appuhami’s son to a Pirivena instead of a Western university ?

මෙම ප්‍රශ්නය හරහා ඔහුගේ අපේක්ෂාවන් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා දෙබිඩි පිලිවෙතක් දරණ සමාජය නොමග යවන පුද්ගලයකු යන්න, පාරා වලල්ලක් බවට පත්ව ඇති ආකාරය මනාව බලන්න. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් යනු මහාචාර්යවරයා නොවේ. මෙය ඇහළේපොල දිසාව කල වරදට, ඇහළේපොල කුමාරි හාමි ඇතුළු දරුවන්ව මරණයට පත්කලා හා සමානම වූ අති පහත් ක්‍රියාවක් වන අතර, ශිෂඨ වූ සමාජයක හැදුන මිනිසෙකු කිසිදා නොඅසන පැනයකි. නමුත් මෙතුමාට එම ප්‍රශ්නය නලීන් ද සිල්වා මහතාගේ දේශපාලන ව්‍යුහය විදහා පෑම සදහා ඇසීමට පොලඹවන ලද්දේ ඒ මහතාගේ මනසයි. ඔහුගේ මනෝභාවයට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් බටහිර රාජ්‍ය පද්ධතියක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් නැත. එය එසේම විය යුතුයයි විශ්වාස කරන්නේ නම්, එම දරුවන්ගේ දරුවන්ටදද එම සිද්ධාන්තය උරුම විය යුතය. මේ දාමය මෙසේ විය යුතුයයි මේ  ප්‍රාඥයා විශ්වාස කරන්නේ නම්, ආරම්භයේදීම මහාචාර්ය නලින්ද සිල්වා මහතා, සිංහල, බෞද්ධ, බටහිර විරෝධී යන අන්තගාමී පදනමේ සිට කටයුතු කරනවායයි පවසන ප්‍රාඥයාම, මහචාර්ය නලින් ද සිල්වා මහතා දරණ අන්තවාදයට වඩා පටු වූ තලයක පවතින, පුද්ගල විරෝධී අන්තයක සිටගෙන සිටින බව වටහා ගැනීමට තරම් මනස පුළුල් නොවේ.. නමුත් ඔහුගේ පැනය දකින ජන සමූහයාට මේ ප්‍රාඥයාගේ ඉලක්කයන්ට ගොදුරු වන්නේ ප්‍රතිපත්ති හා ක්‍රියාදමෙයන් නොව පුද්ගලයන් බව මනාව වැටහේ.
 ඔහුට අනුව එම ප්‍රශ්නයේ අන්තර්ගතය විදහා දැක්වීමට සැබෑ ලෙසම වැදගත් නම් මහාචාර්යවරයාගේ අධ්‍යාපන ඉතිහාසයට ගොස්, ඔබ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ගොස් Ph.D එක ගත්තේ මන්දැයි යන ප්‍රශනය ඇසිමට යන්තම් අවසරයක් තිබේ. නමුත් එසේවත් නොකර, මහාචාර්යතුමාගේ දරුවන් ඉලක්ක කරගෙන එම ප්‍රශ්නය ගෙනහැර පෑමෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අඩුවක් නොව, මේ ප්‍රශ්නය අසන්නාගේ පහත් මනෝභාවය අපට විදහා දක්වා ඇත. 
.අපට මේ පැනය දරුවකුට එරෙහිව නරුමයකු අසන හිරිකිත පැනයක් වුවද, මේ ප්‍රශ්නය අසන මිනිසාගේ මනසට අනුව, මහාචාර්ය නලින්ද සිල්වා මහතාට එරෙහිව ඔහු ඉස්මතු කරන්නේ ඉතා අගනා පැනයකි. ඔහු මේ පැනයට පිලිතුරක් අපේක්ෂා කරයි. ඒ සම්බන්ධවව අප මනස දකින්නේ මොනවාද? ඒවාට පිලිතුරු කුමක්ද? ඔහු අපේක්ෂා කරයි.
පියෙක් යනු කවරෙක්ද? පියා හා දරුවන් අතර අන්තර් සම්බන්ධතාවයන් කුමක්ද? තම දරුවන් නොසලකා හැර කටයුතු කරන පියවරුන් සිටින රටේ, ඒ පියවරුන්ට සැබෑ ලෙසමම රට හා රටේ දේශපාලනය සම්බන්ධව කථා කිරීමට වරම් නැත. ඒ තමන් සතු මූලිකම වගකීම වන තම දරුවන්ව ගෞරවණීය ආකාරයට ආරක්ෂාව හා රැක බලාගැනීම ඉටු නොකිරීම හරහා මේ රටේ විනාශයට හේතුවන පරම්පරාවන් ඇතිවන තත්වයන් රටතුල ගොඩනංවන බැවිණී. නමුත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පියෙක් වශයෙන් සිය දරුවන්ට සලකා ඇති බව මේ නව ප්‍රාඥයා ගෙනහැර පාන්නේ ඔහුගේ ප්‍රශ්නය තුලින්මය. එතනින් නොනැවතී මේ ප්‍රාඥයා පිරිවෙන් අධ්‍යාපනය ඉතා පහල තලයකට ඇද දමන්නේද? මේ ප්‍රශනය තුලින්ම වේ. 
පියෙක් සිය දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලබාදීමට යොමුවීමට හේතුවෙන කරුණු කාරනා නිර්මාණය කරන්නේ එම පියා විසින් නොව, පවතින සමාජ රටාවය.
මේ රටේ ඇත්තේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන් දස දහස් ගනනකට ඒ වරම් අහිමි වෙනන සමාජ රටාවකි. ඒ රටාව මහාචාර්ය නලින් ද සිල්වා මහතාවවත් නූතන ප්‍රාඥයානන්වත් නිර්මාණය කල සමාජ රටාවක්ද නොවේ. එය අපට පාලන රටාවේ කලාව විසින් උරුම කර දෙන ලද්දක් වන අතර, එය ඉතා සරල ආකාරයට විසදිය හැකි සමාජ ප්‍රශ්නයක් වුවද, මෙරට දරුවන්ගේ කුමන හේතුවක් මත හෝ මෙරට කිසිදු පාලකයකු මෙම කටයුත්ත විසදීමට ඉදිරිපත් නොවේ. ඒ හේතුවෙන් අතරමං වෙන සිසු, සිසුවියන්ගෙන් ඇති හැකි අයගේ දෙමව් පියන්වරුරු ලෝකය පුරා විසිරී පැතිරී තිබෙන විශ්ව විද්‍යාල 19,302න් එකක අධ්‍යාපනය සිය දරුවාට ලබාදීම උත්සහ කිරීමට සිදුවේ. මෙය ඉතා හොද කටයුත්තක් වන්නේ, දරුවාගේ කාලය සීමිත බැවින් එම කාලය තුලදීම සිය දරුවාගේ අධධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් වෙර දරන බැවිණී. එම කාර්යය පියකු හා මෙරට සිටින උගතෙකු වෙන නලීන් ද සිල්වා මහතා ඉටු නොකරන්නේ නම් ඔහුගේ දෑතට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය භාරරදිය නොහැක. ප්‍රශ්නය වන්නේ නව ප්‍රාඥයා කරුණු දක්වන ආකාරයට Appuhami’s sonට සිදුවෙන අසාධාරණය සම්බන්ධවය. නලින් ද සිල්වා මහතාගේ දරුවන්ට මෙරට විශ්ව විද්‍යාල වරම් ලැබී ඇති මොහොතක නලින්ද සිල්වා මහතා සිය දරුවන්ව වෙනත් රටක අධ්‍යාපනය ලබාදීම සදහා විදේශ ගත කරන්නේ නම් ඒ පුරප්පාඩුව Appuhami’s sonට ලබාදීමට හැකියාව ලැබුනද සමහරවිට එය Appuhami’s sonන් ට නොලැබී Haramanis’ son ට හිමිවිය හැක. එවිට එවිට ඇතිවන්නේද බරපතල ප්‍රශ්නයක් බැවින් එම අර්බූදය විසදීම සදහා බලකිරිමේ කාර්යාවලියක් මහාචාර්ය නලින ද සිල්වා මහතාටට ආරම්භ කල හැකියාවක් ඇතිකෙනකු වෙන අතර, සමත් වෙන සියළුම සිසුන්ට සරසවි වරම් ලබාදීමේ ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතුය. මෙය කල හැකි කාර්යයක් වන්නා සේම කලයුතු කාර්යයක්ද වේ.
වැඩිදුරටත් කරුණු ගෙනහැර දක්වන නුතන ප්‍රාඥයා

 He refused the scientific methodology bringing Divinity to prove scientific research and now the local and foreign scholars are laughing at the University of Kelaniya. The Kelaniya University has become a laughingstock in the academic world thanks to Nalin.

මේ ප්‍රකාශය තුලින් ඉතාම පැහැදිලිව මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිවැරදි කාර්ය ඉටු කර ඇති බව ගම්‍ය වුවද, නව ප්‍රාඥයාට ඒ බවක් නොවැටහේ. මේ නව ප්‍රාඥයා මහාචාර්න නලින් ද සිල්වා මහතාට අභියෝග කරනුයේ, ඉතා ඉහල මට්ටමේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ගෙන එය බාවිත කරමින් ලෙඩකුගේ උණ බලන්න එනනැයි, කියන ප්‍රකාශයයි. මේ සංසිද්ධිය දකින විශ්ව විද්‍යාලයීය පරම්පරාව තුල සිනාවක් ජනිතවීම අරුමයක් නොවේ. එම සිනහව කාව ඉලක්ක කරගෙන පහල වූවක්දැයි වටහා ගැනීමට ඔහුට නොහැක, ඒ ඔහුගේ ඉලක්කය එක පුද්ගලයකු හඹා යෑමේ පටු සීමාව තුල සිරව ඇති බැවිණි.

No comments:

Post a Comment