My Blog List

ජනතා විමුක්ති පෙරමුන හා පන්ති පහ

අද මම හිතුවා ජනතා විමුක්ති පෙරමුනයි.එහි පන්ති පහ ගෑනයි ලියන්න.වෙන මොකවත්ම නෙමේ.ගොඩාක් අය ජනතා විමුක්ති පෙරමුනේ ඉතිහාසය දන්නේ නෑ.විශේශයෙන් අපේ සහෝදර විශ්ව විද්යාල සිසුන්.ඉතින් මමත් කියවපු,ජනතා විමුක්ති පෙරමුනේ 71 විප්ලවයට තමන්ගේ දායකත්වය ලබාදුන් අද ජීවතුන් අතර සිටින
ප්‍රාදේශීය නායකයින් ගෙන් අසාගත් තොරතුරු මෙසේ ඔබට ඉදිරිපත් කරමි.

මාතර දෙවිනුවර දී ජන්ම ලාභය ලබාගත් රෝහන විජේවීර මහතා ශ්‍රී ලන්කා කොමියුනිස්ට් පක්ශයේ නායක දොස්තර එස්.ඒ.වීක්‍රමසින්හ මහතාගෙන් දේශපාලන ජීවිතයේ අත්පොත් තැබීය.ඔහු සමග තිබූ සම්බන්දය නිසාම සෝවියට් රුසියාවේ ලුමුම්බා විශ්වවිද්යාලයට ඇතුල වන මොහු එහිදී සෝවියට් විරෝධී දේශපාලනයක නිරත වීම නිසා සිය ශිශ්යත්වය අහිමිව නැවත ලන්කාවට පැමිනේ.

1964 දී සෝවියට් විරෝදී චීනයට පක්ෂ දේෂපාලන පක්ෂයක් වන චීන කොමියුනිස්ට් පක්ෂයට එක් වන ඔහු 1967 දී ලන්කා ලයින් නම් සණ්විධානය ගොඩ නගයි.එම වසර පුරා කුඩා මට්ටමේ රහසිගත සාකච්චා පවත්වන ලදී.1968 වන විට ලන්කා ලයින් සන්ගමයට ක්‍රියාකාරිහූ 200-300 ක පමන පිරිසක් එක්වූහ.එම වසරේ ඔවුහූ පක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරනය කලේය.

පන්ති පහ  


ඉන් පසුව සිය සන්විදානය බැදෙන සෑම අයකුටම පන්ති පහක පවත්වා සන්විදානයට බදවා ගන්නා ලදී.
ඒවා නම්
1.)ලන්කාවේ ආර්ථික අර්බුදය
2.)ඉන්දියානු ව්යාප්තවාදය
3.)ලන්කාවේ වාමාන්ශික ව්යාපාරය
4.)නිදහස යනු කුමක්ද?
5.)ලාන්කික විප්ලවය ගතයුතු මග.


පලමු වැනි පන්තියෙන් ලන්කාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වන බවත්,එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු යැන්කි අධිරාජ්ය වාදින් ගේ බලපෑමෙන් 1970 වන විට ලන්කාවේ හමුදා පාලනයක් සිදුවෙන බවත් එයට එරෙහිව වහා සමාජවාදී විප්ලවය කලයුතු බව කියන ලදී.

දෙවන් පන්තියෙන් අපේ රටට ආසන්නම ඉන්දියාව බූවල්ලකු මෙන් අවට කුඩා රටවල් ග්‍රහනයට ගන්නා ආකරය ගැනත්,ඉන්දියාව සහ  අනෙකුත් රටවල සිටින ද්‍රවිඩ අය එකතු වී ද්‍රවිඩ රාජ්යක් ගොඩනැගීමට උත්සහා දරන ආකරය පිලිබදවත් කරුනු කියාදෙන ලදී.



 තුන්වන පන්තියෙන් කියා දෙන ලද්දේ ලන්කාවේ ඒ වනවිට ක්‍රියාත්මක වුනු කොමියුනිස්ට්,සම සමාජ,කම්කරු පක්ෂය වැනි වාමාOශික දේශපාලන ව්යාපාරවල අවස්තාවාදී සුලු ධනේෂ්වර ප්‍රථිපත්ති  හා එයින් ලන්කාවේ සමාජවාදී විප්ලවයට සිදුවී ඇති බරපතල හානි ගැනය.

හතර වැනි පන්තියෙන් අප රටේ ජනතාව මුහුන දී ඇති තත්වයත් නිදහස සීමා ඇති බවත් කිසිදු නිදහසක් නැති බවත් මතු කර පෙන්වූහ.

පස්වෙනි පන්තියෙන් ලන්කාවේත් සමාජවදී විප්ලවයක් සිදු කල යුතු බවත් එය ඉතා ඉක්මන් කල යුතු බවත්  එයට අවැසි තත්වය ලන්කාවේ ඇති බවත් පෙන්වා දෙන ලදී.

තවත් තොරතුරු ඉන්ග්‍රීසි භාෂාවෙන්


1971 න් පසු අලුත් දේශපාලන පන්ති කීපයක් හදුන්වා දෙන ලදී.

77/78 න් පසු දේශපාලන පන්ති 



1.)ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය

2.)බොල්ෂෙවික් ව්‍යාපාරය

3.)ලාOකික විප්ලවයේ කාර්ය භාරය

4.)ලාන්කික විප්ලවය ගත යුතු මග

5.)බොල්ෂෙවික් පක්ෂය ගොඩ නැගීම





මෙම පOති පහ සාර්ථකව අවසන් කල අයට තවත් පන්ති කීපයක් පැවත්වීමට සැලසුම් කෙරෙයි.

1.)පක්ෂයේ ඉතිහාසය

2.)පක්ෂය තුල වැඩ කිරීමේ කලාව

වැඩ කිරීමේ මාතෘකාව යටතේ ප්‍රධාන දේෂන තුනක් පවත්වයි.

01.)රටේ වත්මන් දේශපාලන තත්වය

02.)වැඩ කරන ක්‍රමය

03.)වැඩ කිරීමේදී භාවිතා කරන උපක්‍රම හා උපාය




මෙම පන්ති වලින් පසුව සන්විධානය වෙනුවෙන් කැපවී වැඩ කරන හොදින් තෝරා බේරාගත් අය වෙනුවෙන් අධ්‍යාපන කදවුරු සන්විධානය විය.මෙහිදී පලමුව සාකච්චා කල මාතෘකා ගැඹුරින් සාකච්චා විය.ඉන් පසුව පහත මාතෘකා යටතේ තවත් කරුනු සාකච්චා කරන ලදී.



01.)මාක්ස් ලෙනින් වාදී දර්ශනය/ද්විඝටනාත්මක භෞතිකවාදය

02.)මාක්ස්ගේ ආර්ථික විද්‍යාව

03.)අන්තර් ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය

04.)පක්ෂ ඉතිහාසය

05.)වැඩ කිරීමේ සාකච්චාව

තවද පක්ෂය විසින් තෝරා ගත් සහ පක්ෂය වෙනුවෙන් පූර්නකාලිනව වැඩ කරන අය පමනක් තෝරාගෙන සති තුනක් තිස්සේ ජාතික අධ්‍යාපන කදවුරු ද සOවිධානය කරන ලදී ..


ඉදිරියටත් මම මේ ගැන තවත් ලියන්න හිතාගෙන ඉන්නවා  හැබැයි මම ජේ.වී.පී. අයෙක් වත් යූ.එන්.පී. වත් නිදහස් සන්දානයේ අයෙක්වත් නොවෙන ස්වාධීන  අයෙකු බව කියාසිටිමි..ඔබගේ අදහසුත් ස්වාධීන මතයකින් ප්‍රකාශ කරන මෙන් ඉල්ල සිටිමි.