My Blog List

නලින්ද සිල්වා මහතා කැලනියට සමු දෙයි .......




මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන අතර, ලංකාවේ දැන් ඉන්නා බකයන්ට කොහෙත්ම නොලැබෙන්නේ ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස, ලංකාවේ බොල් පිළිම සාදන සුද්දෝ හොඳින් දන්නා නිසාය… ).. ඒ කෙසේ වෙතත් එතුමා සිටින්නේ ත්‍රෛ ලෝකයේම අපරාජිත පදනමකය… ඒ බොදු පදනමයි..

බටහිර දැනුමේ දාසයන්ගේ මාෆියාවන්ට ඔවුන්ගේ ගුබ්බෑයම් පාලනය කර ගන්නට දී එතුමා ඉවත්ව ගියත්, පරාජය කරන ලද උතුරු-නැගෙනහිර කැරැල්ල ඇතුළු ජාතිකත්වය ජය ගත් සියළු කාරණා සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර අසමසම වූවක් ලෙස ඉතිහාසය හඳුනා ගනු ඇත…වසවර්ති මාරයාට නොපැරදුණු පදනමක ඔහු සිටින තාක් කල් ඔහු නොපරදිනු ඇත… එතුමාගේ මතය දිනවන්නට එතුමාට වෙනත් මාවත් ඇති බව අපගේ විශ්වාසයයි…
මුල් යුගයේදී මාක්ස්-ට්‍රොට්ස්කි වාදියෙකු වූ මහැදුරු නලීන් එහි ගැත්තෙකු නොවී, ක්‍රමයෙන් ඒ දර්ශණයන්ගේ පදනම ප්‍රශ්ණ කරන්නෙකු බවට පත්විය… එසේ පත්වීමත් සමඟම ධම්ම පදයේ, යමක වග්ගයේ එන “අසාරේ සාර මතිනෝ” ගාථා පාඨයේ අරුත එතුමාට වැටහුණු බවට සැක නැත… 


මහා පඬිතුමනි,
සිංහල බෞද්ධයකු ලෙස ඉපදුනද ක්‍රියාකලද,
එබවක්,
අඩුතරමේ,
තමන් උපන්බිම සිටවත් එක එල්ලයේ කටක් ඇර කියන්නට තරම්
පිටකොන්දක් නැති කර සිටි
සිහල බොදු අපේ පිටකොන්දට
ඔබ දුන් මාහැඟි ඖෂධය හේතුවෙන්
ප්‍රාණවත් වූ කොන්දෙන්
කෙලින් සිට
‘මම සිංහල බෞද්ධයෙක්‌’ බව හඬ ගා කියන්නට හැකි පිරිසක් බිහිවිය.
‘අපේකම’ රැක ගන්නට දැමු අඩිතාලමට අප ඔබට හැමදා ණයගැතිය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දැහැමෙන් සෙමෙන් ජීවත් වේවා!

2 comments:

  1. හීනියට ඔලුව අතගාලා ටොක්කක් ඇනලා වගෙයි.

    ReplyDelete
  2. මට හැගෙන පරිදිනම් වර්තමානයේ එතුමාගේ රෙකමන්ඩේශන් ලිපියක්වත් වැදගත් වී.වී ගණන ගන්නේ නැත. පඩි ටෝක්‌ස් තිබ්බාට වීරයෙක් වන්නේ නැත. ලෝකෙට යමක් දිය යුතුය.

    ReplyDelete