My Blog List

මානව හිමිකම් කඩවීමකදී කල යුත්තේ කුමක්ද ?

වර්තමාන ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂනයක් නම් නීතියට වඩා අවනීතිය රජ කිරීමයි.ඔබත් අවනීතිය නිසා පීඩා විඳින අයෙක්ද? එසේ නම් ඔබට ගත හැකි ක්‍රියා මාර්ගයක් ඇත අපි ඒ පිලිබඳ විමසා බලමු. … …මේ යටතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික ආයිතිවාසිකම් කඩවීම්වීම් සහ කඩවීමට ආසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. … …මෙම මූලික අයිතිවාසිකම් මොනවාද යන්න විමසා බලමු. …ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.

 1)
 සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

 2)
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)

 3)
(1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.
(2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. …

 4)
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
 (1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
 (2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)
 5)
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
 ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
 ඇ) සමාගමයේ නිදහසට ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට
 ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
 උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
 ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ
එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් \ඇත්තේය. … …මෙම මූලික අයිතිවාසිකමක් කඩ වුවහොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග කීපයකි. …
මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ගත හැකි ප්‍රතිකර්ම 
  • අධිකරණමය ප්‍රතිකර්ම 
  • අධිකරණමය නොවන ප්‍රතිකර්ම  
 

අධිකරණමය ප්‍රතිකර්ම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුත්තේය,ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම,සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."ඒ අනුව මෙකී අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා රජයට බැදීමක් ඇතිවන අතර 17වන ව්‍යවස්ථාව ප්‍රකාරව මේ පරිච්ඡේදය යටතේ දක්වන්නා වූ යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉලලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. ඒ අනුව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් මූලික අයිතිවාසිකමමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන් ,එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට හැකියාව ලැබේ.

අධිකරණමය නොවන ප්‍රතිකර්ම

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
  • පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

1996 අංක 21දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතු බලතල අතර මානව හිමිකම් කඩවීම පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබදව විමර්ශණය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ බලය සුවිශේෂී වන අතර මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්ධනයට සහ සුරක්‍ෂිතකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ආයතනයට හැකියාව ලැබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව  

පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)
"දුක් ගන්නා රාළ" ලෙස හදුන්වන ඔම්බුඩ්ස්ටන්වරයාගේ බලතල අතර විධායක හෝ පරිපාලන වශයෙන් සිදුවන අයිතීන් උල්ලංඝනය පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සංස්ථාවල ,පළාත් පාලන ආයතන වල හා එවැනි වෙනත් ආයතනවල නිලධරයන් විසින් සිදුකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම,සහ වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා නීතියේ විධිවිධාන වලට අනුකූලව පරීක්‍ෂා කර බලා වාර්තා කිරිමේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව යටතේ මොහු සතු බලතල ලෙස දක්වනු ලැබේ.
  

3 comments:

  1. වටිනම වටින පෝස්ටුවක්...දිගටම මං ඉන්නවා. මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයි්න කරා නම් හොඳයි නෙව

    ReplyDelete
  2. ස්තූතියි වර්ඩ් වෙරිෆිකටිඔන් කිව්වේ මොකක්ද ?

    ReplyDelete
  3. ලොක්කා බොහොම ස්ත්තූතියි මම ඒ අර කෝඩ් ගහන්න ඉල්ලන එක අයින් කලා

    ReplyDelete