My Blog List

ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීමෙන් රට බෙදීම අවසන් කළ හැකිය



ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක්  සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද  සුළු ජන වර්ග අතරට වැටේ.
දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවේතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරද ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝකඩ මුද්‍රිකාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි. ( 2010 ඔක් 27 දිවයින බලන්න )දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් තහවුරු වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී  මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ.
කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම්) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
උඩරට රාජධානිය බිඳ වැටෙන විට සිංහල රදළයින් බෙලහීන වී රටින් පිටුවහල්  කරන විට සිංහල ජනතාවට නායකත්වය දීමට කිසිවෙකුත් ඉතිරි නොවීය. ඉතිරි වූ පිරිස සහ ග‍්‍රාමීය නායකයින් බ්‍ර්තාන්‍යයන්ට පක්ෂපාතී වූහ. සිංහල රජ පවුල් වල කිසිවෙකුත් නෑර ඝාතනය කරන්නටත් පිටුවහල් කරන්නටත් කටයුතු කළ ඉංග‍්‍රීසීන් යාපන ප‍්‍රදේශයේ රදළවරුන්ට පහසුකම් සලසා දුන්හ.මේ අය ආර්ය චක‍්‍රවර්තී පාලනයෙන් ශේෂ වූ මුදලිවරුන් වීම නිසා ඇමරිකන් මිෂනරිය විසින් ඒ අයගේ අධ්‍යපන මට්ටම පවා උසස් කරන්නට කටයුතු කළ බව සිහිපත්කළ මනාය. මෙසේ ඉහළ පිළි ගැනීමක් ලද යාපන මුදලිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා මත වාද සකස් කරන්නටත් පසුව සටන් මගට බසින්නටත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තේරුම් නොගත් එකම දෙය නම් සිංහල ජනතාව හා තමන් අතර වූ සමානකම්ය. මිෂනාරි අධ්‍යාපනය නිසා සාමාන්‍ය ජනතාව  පමණක් නොව වැදි ජනතාව ද දෙමළ භාෂාව හරහා ද්‍රවිඩකරණය කරන ලදහ. වාකරේ දිවි ගෙවන පන්දහසක් පමණ වැදි පවුල් එලෙස ද්‍රවිඩකරණය කරන ලද්දවුන්ය.  මෙලෙස දෙමළ වූ නායකයින් භාෂා භේදය නිසා සැම විටම ඉන්දීය ගැති මානසිකත්වයකින් යුතුව වෙන්වී යාමට උත්සාහ කළහ. මනුෂ්‍ය ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ ත‍්‍රස්තවාදය බිහිවූයේ මෙවැනි පදනමක් තුලය.
උතුරේ තරුණයින් කැරලි ගසමින් ජීවිත විනාශ කිරීම ආරම්භ කරන කාලවකවානුවේ දීම මේ රට බෙදීමේ ප‍්‍රශ්ණය නිමා කළ හැකිව තිබුණි. නමුත් බ්‍ර්තාන්‍යයන්ට ගැති කම් කළ සිංහල නායකයින් තමන්ගේ රටේ ඒකීය බව රැකගැනීමට උත්සාහ නොකළහ.  ඉතිහාසය වරදවා තේරුම් ගෙන මේ පිරිස උතුරු ප‍්‍රදේශය දෙමළ ජනතාවගේ නිජබිම ලෙසට හදවතින් පිළිගත්හ. මේ නිසා එක්සත් ලංකාවක් උදෙසා එකම සංස්කෘතියක් බිහිකර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා බොහෝ විට නැති කර ගත්තේ වියුක්ත දෙමළ ජන අනුපාතයට අනවශ්‍ය ලෙසට සැලකීමේ පුරුද්ද නිසාය. උතුරෙ වාරි මාර්ග ව්‍යාපාර ක‍්‍රමයෙන් නැවත පිළිසකර කෙරෙන විට ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කරලීම කළ යුතුව තිබුණි. එය සිදු වූයේ උතුරු මැද ගල් ඔය සහ මහවැලි ප‍්‍රදේශ වල පමණි. ඉරන මඩු යෝධ වැව ආදී මහා වාරි මාර්ග පිළිසකර කරන විට එය වෙනස් විය. පසුව දෙමළ ජාති වාදීන් ගේ ඉල්ලීම මත මේ ජනපදකරණය අත්හිටවුණි. නමුත් මහවැලි ප‍්‍රදේශ වලද වන්නියේ ද නැගෙනහිර ද දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් වරින් වර පදිංචි කරන ලදහ.
වත්මන් සිංහල ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑහ. රටේ ජනගහනයෙන් බහුතරයක් දරුවන් යුද්ධයට යාම නිසා මැරුම් කෑහ. උතුරේ හා නැගෙනහිරේ දිවි ගෙවූ සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි වූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් සන්ධාන රජය හා ජාතික බල වේග එකමුතුව ශාපලත් යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය දීමට කටයුතු කළ බව කවුරුත් දනිති. නමුත් මේ බව අද සන්ධාන රජයේ සිටින වැඩි පිරිසක් පිළිගැනීමට මැලිකමක් දක්වති.
යුද්ධයෙන්  පසු රටේ ඒකීය බව ස්ථාපිත කරලීමට රජය යම් යම් ක‍්‍රියාමාරග ගෙන ඇත. සංවර්ධන කටයුතු ඉන් ප‍්‍රධාන වේ. ‍ත්‍රෛයි භාෂා සංකල්පය මත එක් සංස්කෘතයක් ඇතිකිරීම ද බලාපොරොත්තුවක් වී ඇත. නමුත් එයින් සිදුවී ඇත්තේ දකුණේ පසල් වල පමණක් දෙමළ බසට වටිනාකමක් ලැබීමයි. උතුරෙ හෝ නැගෙනහිරේ කිසිම තැනක සිංහල බස ඉගැන්වෙන්නේ නැත. පැරණි දෙමළ භාෂා පණත ක‍්‍රියාත්මක වීම නිසා උතුරේ ප‍්‍රධාන භාෂාව බවට පත් ව ඇත්තේ දෙමළ බසයි. නාම පුවරු පවා අලුතින් ඉඳි කරනු ලබන්නේ දෙමළ හා ඉංග්‍රීසි බස පමණක් භාවිතා කරමිනි.මේ නිසා අම්පාර දිශාවේ මඩකලපුවේ සිංහලයින්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය අහිමි වී ඇත. ඒ අතර උතුරෙන් අවතැන් වූ කිසිම සිංහලයෙකුට තමන්ගේ ඉඩ කඩම් තව වෙන තුරුවත් ලැබී නොමැත. 1981 සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද  මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය.  1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය. නැගෙනහිරේ තත්වය විනාශකාරී වේ. මුස්ලිම් ජිහාඩ් කල්ලි විසින් හොර ඔප්පු ලියා එහි සිංහල උරුමයන් නැති භංගස්ථාන කරන අතර සිද්ධස්ථාන පවා විනාශ මුඛයට ඇද දමා ඇත.
යුද්ධය අවසන්ව පැමිණි පළමු සාම වටයේ දී ම රටේ දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමට රජයට හැකියාව ද බලය ද තිබුණි. පොලිස් හා ඉඩම් බලතල වැනි අනවශ්‍ය පළාත් බලතල ඉවත් කිරීම තුලින් එයට පදනම දැමිය හැකිව තිබුණි. රටේ සැබෑ ඉතිහාස කථාව ජගත් ප‍්‍රජාව ඉදිරියේ දිග හැර සිංහල ජනතාවට ඓතිහාසිකව සිදු වූ අසාධාරණකම් හෙළිදරව් කොට ඒ අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකිව තිබුණි. එසේම බ‍්‍රිතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විසින් පසුගිය යුද්ධ සමයේ දී කොටි ත‍්‍රස්තවාදයට උදව් කරමින් කළ  ද්‍රෝහීකම් ද මැනවින් හෙළි දරව් කිරීමට සාක්ෂි ඕනෑතරම් තිබුණි. නමුත් රජය තුලම සිටින බෙදුම් වාදීන්ගෙන් එයට ඉඩක් ලැබී නොමැත.
රටේ ඒකීය භාවය පිළිබඳව රජය ගැඹුරින් කල්පනා නොකළහොත් එය දීර්ඝ කාලයකට රැක ගැනීමට අවශ්‍ය ඓතිහාසික සූත‍්‍රයන් ආදේශ නොකළහොත් දෙමළ ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ඒම වැළක්විය නොහැකිය. අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය. එය නැවත වෙනස් වූයේ ඉංග‍්‍රීසීන් යටතේ රට එක රාජ්‍යයක් බවට පත් වීමෙනි. එම නිසා බලය අතැතිව සිටින මොහොතක කේවට්ටයින්ගේ උපදෙස් පිළිපදිමින් බලය අන් සන්තක කිරීම නුවණට හුරු ක‍්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී ජාතික බලවේගයන්හි කාර්යභාරය විය යුත්තේ එය මැනවින් පෙන්වා දීමයි.

නලින්ද සිල්වා මහතා කැලනියට සමු දෙයි .......




මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන අතර, ලංකාවේ දැන් ඉන්නා බකයන්ට කොහෙත්ම නොලැබෙන්නේ ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස, ලංකාවේ බොල් පිළිම සාදන සුද්දෝ හොඳින් දන්නා නිසාය… ).. ඒ කෙසේ වෙතත් එතුමා සිටින්නේ ත්‍රෛ ලෝකයේම අපරාජිත පදනමකය… ඒ බොදු පදනමයි..

බටහිර දැනුමේ දාසයන්ගේ මාෆියාවන්ට ඔවුන්ගේ ගුබ්බෑයම් පාලනය කර ගන්නට දී එතුමා ඉවත්ව ගියත්, පරාජය කරන ලද උතුරු-නැගෙනහිර කැරැල්ල ඇතුළු ජාතිකත්වය ජය ගත් සියළු කාරණා සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර අසමසම වූවක් ලෙස ඉතිහාසය හඳුනා ගනු ඇත…වසවර්ති මාරයාට නොපැරදුණු පදනමක ඔහු සිටින තාක් කල් ඔහු නොපරදිනු ඇත… එතුමාගේ මතය දිනවන්නට එතුමාට වෙනත් මාවත් ඇති බව අපගේ විශ්වාසයයි…
මුල් යුගයේදී මාක්ස්-ට්‍රොට්ස්කි වාදියෙකු වූ මහැදුරු නලීන් එහි ගැත්තෙකු නොවී, ක්‍රමයෙන් ඒ දර්ශණයන්ගේ පදනම ප්‍රශ්ණ කරන්නෙකු බවට පත්විය… එසේ පත්වීමත් සමඟම ධම්ම පදයේ, යමක වග්ගයේ එන “අසාරේ සාර මතිනෝ” ගාථා පාඨයේ අරුත එතුමාට වැටහුණු බවට සැක නැත… 


මහා පඬිතුමනි,
සිංහල බෞද්ධයකු ලෙස ඉපදුනද ක්‍රියාකලද,
එබවක්,
අඩුතරමේ,
තමන් උපන්බිම සිටවත් එක එල්ලයේ කටක් ඇර කියන්නට තරම්
පිටකොන්දක් නැති කර සිටි
සිහල බොදු අපේ පිටකොන්දට
ඔබ දුන් මාහැඟි ඖෂධය හේතුවෙන්
ප්‍රාණවත් වූ කොන්දෙන්
කෙලින් සිට
‘මම සිංහල බෞද්ධයෙක්‌’ බව හඬ ගා කියන්නට හැකි පිරිසක් බිහිවිය.
‘අපේකම’ රැක ගන්නට දැමු අඩිතාලමට අප ඔබට හැමදා ණයගැතිය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දැහැමෙන් සෙමෙන් ජීවත් වේවා!

ජාතිකත්වය හා අවජාතකයෝ...

අප දෛනිකව ප්‍රාඥයින් ලබන  ජාතියක් බවට පත්ව ඇත.  ආසනික් අර්බූදයත් සමගම නවතම ආකාරයක ප්‍රාඥයින් සමාජ දේහයට එක්වෙන මේ යුගයේ, ඔවුන් සම්බන්ධව අපගේ අවධානය යොමුකල යුතුම වකවානුවක අපි ජීවත් වෙමු.  මෙම  ප්‍රඥයන්ගේ ඉස්මතුවීම කියා පාන්නේ මෙරට ජන සමාජයට ආසනික් විසින් ඉතා ඉහල මෙහෙවරක් කර ඇති බවයි.
විශේෂයෙන් ඉතා ඉහළ ස්ථරයක වැජඹෙන ප්‍රාඥයින් වදාරණ දෑ අවබෝධ කරගැනීම සදහා අපට වරක් දෙවරක් නොව, තෙවරක් ඉක්මවා ගිය වාර ගනනක් ඔවුන් පවසන දෑ, නැවත නැවත පුනරාවර්තනය කිරීමට සිදුවෙන අතර සමහරවිට ඊට එහා ගලායන වාර සංඛ්‍යාවක්ද, එසේත් අවබෝධ නොවන්නේ නම්, සෘජුවම එම ප්‍රාඥයාගෙන්ද විමසා අවබෝධ කරගන්නට සිදුවේ.
මෑතකදී ඉස්මතුවූ එක් ප්‍රාඥයකුට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාව මෙසේ හැදින්වේ.

 In the past with is action Nalin has proved that he is an Extremist. His major concept (always) is US vs THEM thinking pattern (Eg- Sinhala / Tamil , Sri Lanka / West , Buddhist/ Non Buddhist), even Prhabahakara had the same concept with extreme prejudice. I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. I am waiting till that day

මහාචාර්ය නලින් ද සිල්වා මහතා අන්තවාදියෙකි. ඇත්ත වශයෙන්ම මේ මහතා ප්‍රකාශ කරන  කථාව අපද අනුමත කරන අතර, මේ රටේ සිටි හා සිටින අන්තවාදීන් අතරින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රබලම අන්තවාදියෙකි. මොහුගේ අන්තය තුල සිංහලකම හා බෞද්ධකම අප දුටු මූලිකම ලක්ෂණ වේ. සිංහලකම තර්ජනයකට ලක්වෙන විට සිංහල අන්තවාදියකු වූ නලින් ද සිල්වා මහතා බෞද්ධකමට තර්ජනය වනවිට සැබෑ බෞද්ධයකු වශයෙන් මතු වේ. මේ රටේ සිටි අපකීර්තිමත්ම  ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී, එම ජනාධිපතිවරයාගේ හා එම රජයේ ඉමහත් ගැරහුමට පත්වූ පුද්ගලයින් අතර, ඉහලම තලයක මාහාචාර්ය නලින්ද සිල්වා මහතා ශ්‍රේණි ගතව සිටි අයෙක් බැවින්, අප හද තුල මහාචාර්ය නලින් ද සිල්වා මහතා සම්බන්ධව ගොඩනැංවී පැවතියේ ගෞරව සම්පන්න පුද්ගලයකුට උරුමවූ ස්ථානයකි.
1983දී ජේ ආර්. ජයවර්ධන රජය ප්‍රමුඛ රජය මෙරට ද්‍රවිඩ ජනතාව මරා දමමින් ඔවුන් සතු දේපල මංකොල්ල කමින්, ගිනි තබමින්, ප්‍රභාකරන්ගේ සන්නද්ධ අංශයට අවශ්‍ය සම්පත් බටහිර රාජ්‍යයන් හා සමග එකතුව අනියමින් සපයන වකවානුවේදී: සිංහල අන්තවාදියකු බවට පත්ව ද්‍රවිඩ ජනතාවට එරෙහිව කටයුතු නොකලේ, සිංහල අන්තවාදය ගැටෙන්නේ, තවත් ජාතියක  අන්තවාදය සමග මිස එම  ජනතාවන් සමග නොවන බව ඒ මහතා මනාව සපත කර ගෙන සිටි බැවිණි. තවද   තමන්ගේ සැබෑ සතුරා හැම විටම ඉටු කරන්නේ සතුරු කාර්යයක් මිස සෙතක් නොවන බව ඒ මහතා මනාව වටහා ගෙන සිටි වියතෙකි.
බටහිර රාජ්‍යයන් ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදී සන්නද්ධ අංශය ගොඩනංවන බව එදා දුටු මිනිසුන් අතරින් නලින් ද සිල්වා මහතාද එක් අයෙකි.  ඒ හේතුවෙන් නලින් ද සිල්වා මහතාට බටහිර රාජ්‍යයන්ට එරෙහි වීමට හා ඔවුනගේ ද්‍රවිඩ අන්තවාදයට එරෙහිව, සිංහල අන්තවාදය පණ පොවන්නට සිදුවිය. සිංහල අන්තවාදයට පණ පොවන්නේ සිංහල කම ආරක්ෂා කිරීමට වන අතර, අතීතයේදී  එය රට, ජාතිය, හා ආගම ආරක්ෂා කර ගැනීම සදහා කරන්නාවූ අරගලයක් විය. නලින් ද සිල්වා මහතා කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටන මනුස්සයකු වන්නා සේම, සංග්‍රාමයට නවගුණ වැල රැගෙන යන පුද්ගලයකු නොවීම, නව ප්‍රාඥයාගේ මනස  I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. යන්න ලිවීමට හේතුවුවා යයි යන්න අපට සිතේ. ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදීන්ට  Metthha නොකිරීම ප්‍රභාකරන්ගේ හා බටහිර ප්‍රජාවගේ හා ඒ සෙවන ආශිර්වාදයක් කොටගෙන පවතින ප්‍රජාවගේ දෘෂ්ඨියෙන් විශාල වරදක් බවද අපද දන්නෙමු. ඒ වරද මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිදුකර ඇත. ඒ ඔහු සතු යුගයේ කාර්යභාරයයි.
අපට මුණ ගැසෙන නූතන ප්‍රාඥයා, එකවරම මෙසේ පවසයි.

Nalin criticizes the West and the Western education but he has sent his children to the West to obtain hither education , Obviously it is a double standard and it is depriving ordinary Appuhami’s son to obtain western based education. Is that he wants to send Appuhami’s son to a Pirivena instead of a Western university ?

මෙම ප්‍රශ්නය හරහා ඔහුගේ අපේක්ෂාවන් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා දෙබිඩි පිලිවෙතක් දරණ සමාජය නොමග යවන පුද්ගලයකු යන්න, පාරා වලල්ලක් බවට පත්ව ඇති ආකාරය මනාව බලන්න. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් යනු මහාචාර්යවරයා නොවේ. මෙය ඇහළේපොල දිසාව කල වරදට, ඇහළේපොල කුමාරි හාමි ඇතුළු දරුවන්ව මරණයට පත්කලා හා සමානම වූ අති පහත් ක්‍රියාවක් වන අතර, ශිෂඨ වූ සමාජයක හැදුන මිනිසෙකු කිසිදා නොඅසන පැනයකි. නමුත් මෙතුමාට එම ප්‍රශ්නය නලීන් ද සිල්වා මහතාගේ දේශපාලන ව්‍යුහය විදහා පෑම සදහා ඇසීමට පොලඹවන ලද්දේ ඒ මහතාගේ මනසයි. ඔහුගේ මනෝභාවයට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් බටහිර රාජ්‍ය පද්ධතියක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් නැත. එය එසේම විය යුතුයයි විශ්වාස කරන්නේ නම්, එම දරුවන්ගේ දරුවන්ටදද එම සිද්ධාන්තය උරුම විය යුතය. මේ දාමය මෙසේ විය යුතුයයි මේ  ප්‍රාඥයා විශ්වාස කරන්නේ නම්, ආරම්භයේදීම මහාචාර්ය නලින්ද සිල්වා මහතා, සිංහල, බෞද්ධ, බටහිර විරෝධී යන අන්තගාමී පදනමේ සිට කටයුතු කරනවායයි පවසන ප්‍රාඥයාම, මහචාර්ය නලින් ද සිල්වා මහතා දරණ අන්තවාදයට වඩා පටු වූ තලයක පවතින, පුද්ගල විරෝධී අන්තයක සිටගෙන සිටින බව වටහා ගැනීමට තරම් මනස පුළුල් නොවේ.. නමුත් ඔහුගේ පැනය දකින ජන සමූහයාට මේ ප්‍රාඥයාගේ ඉලක්කයන්ට ගොදුරු වන්නේ ප්‍රතිපත්ති හා ක්‍රියාදමෙයන් නොව පුද්ගලයන් බව මනාව වැටහේ.
 ඔහුට අනුව එම ප්‍රශ්නයේ අන්තර්ගතය විදහා දැක්වීමට සැබෑ ලෙසම වැදගත් නම් මහාචාර්යවරයාගේ අධ්‍යාපන ඉතිහාසයට ගොස්, ඔබ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ගොස් Ph.D එක ගත්තේ මන්දැයි යන ප්‍රශනය ඇසිමට යන්තම් අවසරයක් තිබේ. නමුත් එසේවත් නොකර, මහාචාර්යතුමාගේ දරුවන් ඉලක්ක කරගෙන එම ප්‍රශ්නය ගෙනහැර පෑමෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අඩුවක් නොව, මේ ප්‍රශ්නය අසන්නාගේ පහත් මනෝභාවය අපට විදහා දක්වා ඇත. 
.අපට මේ පැනය දරුවකුට එරෙහිව නරුමයකු අසන හිරිකිත පැනයක් වුවද, මේ ප්‍රශ්නය අසන මිනිසාගේ මනසට අනුව, මහාචාර්ය නලින්ද සිල්වා මහතාට එරෙහිව ඔහු ඉස්මතු කරන්නේ ඉතා අගනා පැනයකි. ඔහු මේ පැනයට පිලිතුරක් අපේක්ෂා කරයි. ඒ සම්බන්ධවව අප මනස දකින්නේ මොනවාද? ඒවාට පිලිතුරු කුමක්ද? ඔහු අපේක්ෂා කරයි.
පියෙක් යනු කවරෙක්ද? පියා හා දරුවන් අතර අන්තර් සම්බන්ධතාවයන් කුමක්ද? තම දරුවන් නොසලකා හැර කටයුතු කරන පියවරුන් සිටින රටේ, ඒ පියවරුන්ට සැබෑ ලෙසමම රට හා රටේ දේශපාලනය සම්බන්ධව කථා කිරීමට වරම් නැත. ඒ තමන් සතු මූලිකම වගකීම වන තම දරුවන්ව ගෞරවණීය ආකාරයට ආරක්ෂාව හා රැක බලාගැනීම ඉටු නොකිරීම හරහා මේ රටේ විනාශයට හේතුවන පරම්පරාවන් ඇතිවන තත්වයන් රටතුල ගොඩනංවන බැවිණී. නමුත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පියෙක් වශයෙන් සිය දරුවන්ට සලකා ඇති බව මේ නව ප්‍රාඥයා ගෙනහැර පාන්නේ ඔහුගේ ප්‍රශ්නය තුලින්මය. එතනින් නොනැවතී මේ ප්‍රාඥයා පිරිවෙන් අධ්‍යාපනය ඉතා පහල තලයකට ඇද දමන්නේද? මේ ප්‍රශනය තුලින්ම වේ. 
පියෙක් සිය දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලබාදීමට යොමුවීමට හේතුවෙන කරුණු කාරනා නිර්මාණය කරන්නේ එම පියා විසින් නොව, පවතින සමාජ රටාවය.
මේ රටේ ඇත්තේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන් දස දහස් ගනනකට ඒ වරම් අහිමි වෙනන සමාජ රටාවකි. ඒ රටාව මහාචාර්ය නලින් ද සිල්වා මහතාවවත් නූතන ප්‍රාඥයානන්වත් නිර්මාණය කල සමාජ රටාවක්ද නොවේ. එය අපට පාලන රටාවේ කලාව විසින් උරුම කර දෙන ලද්දක් වන අතර, එය ඉතා සරල ආකාරයට විසදිය හැකි සමාජ ප්‍රශ්නයක් වුවද, මෙරට දරුවන්ගේ කුමන හේතුවක් මත හෝ මෙරට කිසිදු පාලකයකු මෙම කටයුත්ත විසදීමට ඉදිරිපත් නොවේ. ඒ හේතුවෙන් අතරමං වෙන සිසු, සිසුවියන්ගෙන් ඇති හැකි අයගේ දෙමව් පියන්වරුරු ලෝකය පුරා විසිරී පැතිරී තිබෙන විශ්ව විද්‍යාල 19,302න් එකක අධ්‍යාපනය සිය දරුවාට ලබාදීම උත්සහ කිරීමට සිදුවේ. මෙය ඉතා හොද කටයුත්තක් වන්නේ, දරුවාගේ කාලය සීමිත බැවින් එම කාලය තුලදීම සිය දරුවාගේ අධධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් වෙර දරන බැවිණී. එම කාර්යය පියකු හා මෙරට සිටින උගතෙකු වෙන නලීන් ද සිල්වා මහතා ඉටු නොකරන්නේ නම් ඔහුගේ දෑතට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය භාරරදිය නොහැක. ප්‍රශ්නය වන්නේ නව ප්‍රාඥයා කරුණු දක්වන ආකාරයට Appuhami’s sonට සිදුවෙන අසාධාරණය සම්බන්ධවය. නලින් ද සිල්වා මහතාගේ දරුවන්ට මෙරට විශ්ව විද්‍යාල වරම් ලැබී ඇති මොහොතක නලින්ද සිල්වා මහතා සිය දරුවන්ව වෙනත් රටක අධ්‍යාපනය ලබාදීම සදහා විදේශ ගත කරන්නේ නම් ඒ පුරප්පාඩුව Appuhami’s sonට ලබාදීමට හැකියාව ලැබුනද සමහරවිට එය Appuhami’s sonන් ට නොලැබී Haramanis’ son ට හිමිවිය හැක. එවිට එවිට ඇතිවන්නේද බරපතල ප්‍රශ්නයක් බැවින් එම අර්බූදය විසදීම සදහා බලකිරිමේ කාර්යාවලියක් මහාචාර්ය නලින ද සිල්වා මහතාටට ආරම්භ කල හැකියාවක් ඇතිකෙනකු වෙන අතර, සමත් වෙන සියළුම සිසුන්ට සරසවි වරම් ලබාදීමේ ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතුය. මෙය කල හැකි කාර්යයක් වන්නා සේම කලයුතු කාර්යයක්ද වේ.
වැඩිදුරටත් කරුණු ගෙනහැර දක්වන නුතන ප්‍රාඥයා

 He refused the scientific methodology bringing Divinity to prove scientific research and now the local and foreign scholars are laughing at the University of Kelaniya. The Kelaniya University has become a laughingstock in the academic world thanks to Nalin.

මේ ප්‍රකාශය තුලින් ඉතාම පැහැදිලිව මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිවැරදි කාර්ය ඉටු කර ඇති බව ගම්‍ය වුවද, නව ප්‍රාඥයාට ඒ බවක් නොවැටහේ. මේ නව ප්‍රාඥයා මහාචාර්න නලින් ද සිල්වා මහතාට අභියෝග කරනුයේ, ඉතා ඉහල මට්ටමේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ගෙන එය බාවිත කරමින් ලෙඩකුගේ උණ බලන්න එනනැයි, කියන ප්‍රකාශයයි. මේ සංසිද්ධිය දකින විශ්ව විද්‍යාලයීය පරම්පරාව තුල සිනාවක් ජනිතවීම අරුමයක් නොවේ. එම සිනහව කාව ඉලක්ක කරගෙන පහල වූවක්දැයි වටහා ගැනීමට ඔහුට නොහැක, ඒ ඔහුගේ ඉලක්කය එක පුද්ගලයකු හඹා යෑමේ පටු සීමාව තුල සිරව ඇති බැවිණි.