My Blog List

සරසවි කුරුටු ගී

මේ දවස්වල මුලු විශ්වවිද්‍යාල පද්ධතියම අක්‍රීය වෙලා තියෙන මොහොතේ කරන්නට වැඩකුත් නැති නිසා හිතුවා බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕන කියලා.ඒත් දහ අතේ කල්පනා කලා මොනවද ලියන්නේ කියලා.හිතට අදහසක් එන්නේ නැති නිසා හිතුවා මංකොල්ලයක් වත් කන්න කියලා හැබැයි නිර්මාණ මංකොල්ලයක්. ඒ කතෘ අඣාත සරසවි කුරුටු ගී ටිකක් හොයලා ලියලා දාන්න.ඒ අනුව පරණ පත්තර ගොඩාක් ඇදලා හොද කුරුටු ගීත ටිකක් හොයාගත්තා..හැබෙයි මම පීනස්කාරයා නිසා නහයෙන් හොටු බේරෙනවා පරන පත්තර වල තිබ්බ දූවිලි නිසා..එහෙනම් කියවලා බලමුකො...කුරුටු ගී ටික

 ආදරය පිලිබද ලියවුනු කුරුටු ගී
  

මම බලාගෙන හිටියා
කාලයේ නිම් වලලු අතරින් ඇය සැගව යන අයුරු
හදවතින්ම ඇයට ශුභ පැතුවද
නැහැ
කදුලක් කීවේ ඒ සකුරා මලට
ආයෙත් එන්න
සයොනාරා කියලා

ඔලු කුහර කකියන
ශිල්ප කතරේ
දිය බිදකි සොදුරිය
දුම්වලා ගිනි පිඹින
කොන්ක්‍රීට් කතරේ
නුඹ මට
සිහිල් පවනකි සොදුරිය

ශිල්ප කබලෙන්
ලිපට වැටුනි
ඇය මගෙන් වෙන්වූ දිනේ 

ආදරයත් පඩයක්ද?
ගියොත් ගියාවේ

 පහන් කනුව
මම
දැවී ගිය විදුලි බුබුළ
ඇය...!

දුකට ලියවුනු කුරුටු ගී

අයියෝ සරසවිය අයියෝ සරසවිය
කියන දෙයක් ඔලුවට ගන්නට බැරිය
තාත්තා ලෙඩ ඇදේ මහපොල තව නැතිය
අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය

කුස ගින්න කුස ගින්න
කාට කියන්නද
එවූ මුදල ඉවරයි අම්මේ;අම්මේ

එස් එස් සී විනාශාය
සම්මානෝ අති දුර්ලභා
රැකියා විරහිතං දුක්ඛං
බී.ඒ.ඩිග්‍රී මහා භයං

පානුයි පරිප්පුයි දවසක බුදුවේවා
ලූනුයි පොලුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගග වේවා
බොඩිං ඇන්ටි අජරාමර වේවා

කුරුටු ගී කරුවා දුටු සමාජ යථාර්තය 

දේෂන මොටද මතකයේ රදවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සත්‍ය ජයගන්න බැරි
ඩිග්‍රීය මොටද රක්ෂාවක් ගන්න බැරි

 මිනිසුන් අතර තනිවීම
මිනිසුන් නොමැති පරිසරයක
තනි වීමට වඩා
ඛේද ජනකය

මාතෘ ප්‍රේමය කුරුටු ගී කරුවා දුටු හැටි

සිහිනෙන් පවා මගේ සුඛ විහරනය                  පැතූ
අම්මා දනී නම් මේ සරසවියේ                          තතූ
වර බොල කොලුවෝ යයි දෙනතින් කදුලු        යුතූ
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින         පුතූ


එහෙනම් අදට ඇති..ඉතිරි ටික හෙට දාන්න කියලා බැලුවේ මේ ලිපිය හොදයි කියලා හිතෙනවනම් කොමෙන්ටුවකුත් දාලාම යන්න



No comments:

Post a Comment